Site News

    මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ ශිෂ්‍ය උපකාරක සේවා සඳහා නව පරිච්ඡේදයක්

    by Admin LMS -

    මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ උපාධි අපේක්ෂකයින්ට ඔවුන්ගේ ගැටළු විසඳා ගැනීමට සහ සමබර උපාධිධාරියෙකු බිහි කිරීමට සහාය වීම සඳහා ආරම්භ කළ ශිෂ්‍ය උපකාරක මධ්‍යස්ථානය නව මුහුණුවරකින් පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී විමලධම්ම මන්දිරයේ පස්වන මහලේ නිල වශයෙන් අද දින 2025 ජනවාරි 16 විවෘත විය.‍

    මෙම මධ්‍යස්ථානය ප්‍රධාන සේවා මාර්ග තුනක් හරහා පීඨයේ උපාධි අපේක්ෂක ප්‍රජාවට සහාය වේ.

    • අධ්‍යයන උපදේශන වැඩසටහන – The Academic Mentoring Program (AMP)
    • ශිෂ්‍ය උපදේශන වැඩසටහන – The Student Counselling Program (SCP)
    • ශිෂ්‍ය සුභසාධන වැඩසටහන – The Student Welfare Program (SWP)

    අධ්‍යයන උපදේශනය යටතේ ඔබේ සාමාන්‍ය උපාධිය හෝ විශේෂ උපාධි වැඩසටහන්, පාඨමාලා ඒකක තෝරා ගැනීම, පාඨමාලා මොඩියුලවල ඒකක අගයන්, පීඨ විවරණිකාවෙහි දක්වා ඇති තොරතුරු ආදිය සම්බන්ධයෙන් ඔබට කිසියම් දුෂ්කරතා ඇති වුවහොත්, ඔබට උපකාර කිරීමට අපි සූදානම්.

    ඔබේ උපාධි අපේක්ෂක ජීවිතයේ ඔබේ පෞද්ගලික හෝ අධ්‍යයන කටයුතු සම්බන්ධයෙන් ඔබට කිසියම් ආතතියක් ඇති වුවහොත්, ශිෂ්‍ය උපදේශන වැඩසටහන යටතේ අපි ඔබට උදව් කිරීමට සූදානම්. අප පීඨයේ විද්‍යාර්ථයින් වෙනුවෙන් මනෝ උපදේශන සේවාව ලබා ගැනීමට අවශ්‍ය විධිමත් පුහුණුව ලැබූ ආචාර්යවරුන් ඇතුළු මනෝඋපදේශකවරුන්ගේ සේවාව ආචාරධර්ම වලට අනුකූලව ඔබට ශිෂ්‍ය උපදේශන අංශය මගින් ලබාගත හැකිය.

    ශිෂ්‍ය සුභසාධන වැඩසටහන මගින් ඔබේ උපාධි අපේක්ෂක වෘත්තීය ජීවිතය තුළ ඔබට කිසියම් මූල්‍ය දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුවුවහොත්, ඔබගේ අවශ්‍යතාවය සලකා බලා ඔබට සහාය වීමට අපි සූදානම්. නවාතැන් සහ සමස්ත සුභසාධනයට අදාළ එවැනි මූල්‍ය ගැටළු සඳහා, අප හා සම්බන්ධ වීමට ඔබට හැකිවේ.
    අභියෝගය කුමක් වුවත්, ඔබ තනිවම නොවේ. ඔබේ විශ්වවිද්‍යාල ගමන පුරාම ඔබට මඟ පෙන්වීමට ශිෂ්‍ය උපකාරක මධ්‍යස්ථානය සූදානම්ව ඇත.

    ස්ථානය:
    ශිෂ්‍ය උපකාරක මධ්‍යස්ථානය
    5 වන මහල, ශ්‍රී විමලධම්ම මන්දිරය
    මානවශාස්ත්‍ර හා සමාජඅවිද්‍යා පීඨය
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවකින්‌ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාවකට ලියාපදිංචිය වෙනස්‌ කර ගැනීම.

    by Admin LMS -

    මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ 2021/2022 අධ්‍යයන වර්ෂය සඳහා අතිරේක ප්‍රවේශය යටතේ ප්‍රමාද වී ඇතුලත්‌ වීම නිසා පළමු වසර පළමු අර්ධවාර්ෂික පරීක්ෂණය සඳහා පෙනී සිටිමට නොහැකි වූ පහත ලියාපදිංචි අංක හා විභාග අංක හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක්‌ ශාස්ත්‍රවේදී උපාධි පාඨමාලාවකින්‌ ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාවකට ලියාපදිංචිය චෙනස්‌ කර ගැනීමට අවස්ථාව ලබා දී ඇත.

    ඒ අනුව, ශාස්ත්‍රවේදී (ගෞරව) උපාධි පාඨමාලාවක්‌ හැදෑරීමට බලාපොලරොත්තු වන පහත සඳහන්‌ ශිෂ්‍ය ශිෂ්‍යාවන්‌ පහත දැක්වෙන සුදුසුකම්‌ සපුරා ඇත්නම්‌ පමණක්‌ මේ සමඟ අමුණා ඇති අයදුම්පත්‍රය සම්පූර්ණ කර 2025.01.15 වන `දින හෝ ඒදනට පෙර පීඨ විභාග ඒකකය චෙත භාර දිය යුතුය. එද්නට පසූව ලැබෙන අයදුම්පත්‌ සලකා බලනු නොලැබෙ.

    List of Students

    Application


    Older topics...